තවත් කොරෝනා ආසාදිතයින් 501 ක් ..

පෑලියගොඩ පොකුර හා බන්ධනාගාර ආශ්‍රයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 501 ක්

by Chathurika Jayasundara 05-12-2020 | 6:48 PM

COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිතයින් 501 හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

ඔවුන්ගෙන් 319ක් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර 182ක් බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් වේ. ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 27,060 කි. සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 20,090 කි. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 130කි.