සිංගප්පුරු නීතිපතිට කරුණු පැහැදිලි කරයි

නීතිපතිවරයා, අර්ජුන මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු නීතිපතිට කරුණු පැහැදිලි කරයි

by Staff writer 05-12-2020 | 1:25 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පණය කරන්නැයි ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිංගප්පුරුවේ නීතිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමක් යවා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරී නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ, මේ සම්න්ධයෙන් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි. අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පණය කිරීම සම්බන්ධ ඉල්ලීම සිංගප්පුරුව තවමත් සලකා බලමින් සිටින බව ද එහි දක්වා තිබේ.