නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දකිනවා

නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දකිනවා - ජාතික ජනබලවේගය

by Staff writer 05-12-2020 | 6:39 PM

COLOMBO ( News 1st ) : නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දකින බව ජාතික ජනබලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් සිය නිවේදනයෙන් පවසන්නේ, අදාළ සිදුවීම මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරා දැමීමේ සිද්ධිය සිහි කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විනිවිද පරීක්ෂණයක අවශ්‍යතාව පෙන්වා දෙන ජාතික ජනබලවේගය මෙය ඉතා බරපතල සිද්ධියක් හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලබන කොමිසමක් මගින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බව සිය නිවේදනයෙන් දක්වා තිබේ. මේ අතර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද වැලිකඩ බන්ධනාගාරයේ නීරීක්ෂණයකට පැමිණියේ ය.