ද.අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට කොරෝනා නැහැ

ද.අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට කොරෝනා නැහැ

by Staff writer 05-12-2020 | 6:24 PM

COLOMBO ( News 1st ) : කොවිඩ්-19 ආසාදිත බවට ඊයේ ( 04) වාර්තා වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයාට සිදු කළ නවතම PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී තිබේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වෙයි. දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් එය කල් දැමීමට සිදු වුයේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගයි. කෙසේ නමුත් අදාළ ක්‍රීඩකයාට සිදු කළ නවතම කොවිඩ්- 19 පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇතැයි BBC ලෝක සේවය වාර්තා කළේ ය. එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ, හෙට දිනයේ සිට එංගලන්ත - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක වනු ඇති බවයි.