දිගන යළිත් සෙලවෙයි..

දිගන යළිත් සෙළවෙයි..

by Hashini De Mel 05-12-2020 | 11:35 AM

COLOMBO (News 1st) -  මහනුවර, දිගන ප්‍රදේශයෙ ආශ්‍රිතව යළිත් සුළු භූ කම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අද අලුයම 5.41 ට පමණ මෙම කම්පන තත්ත්වය සිදුව ඇති බවයි. පල්ලෙකැලේ හා මරදන්කඩවල භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල එය සටහන්ව ඇත. එහි ප්‍රබලත්වය දැක්වෙන්නේ රික්ටර් පරිමාණයේ ඒකක දෙදකට ආසන්නවයි. මේ අතර වික්ටෝරියා ජලාශයේ ස්ථාපිත භූ කම්පන මධ්‍යස්ථානයේ ද එය සටහන්ව ඇති බව ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ ය. දිගන ප්‍රදේශයේ පසුගිය සති කිහිපයේ අවස්ථා ගණනාවකදීම වරින් වර සුළු භූ කම්පන සිදුවිය. මේ පිළිබඳ විශේෂඥ කණ්ඩායම් මේ වනවිට පුළුල් අධ්‍යයනයක නිරත වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ ය.