by Staff writer 05-12-2020 | 7:56 PM
COLOMBO ( News 1st ) : මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද පස්වරුවේ තවත් සුළු භූ කම්පන 3 ක් සිදුව තිබේ.
එම කම්පන වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇතැයි ජලාශයේ කාර්යය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා සඳහන් කළේ ය.
එම කම්පන සිදුව ඇත්තේ පස්වරු 4.27, 4.35 සහ රාත්‍රී 7.03 ටයි.
එම සියලු කම්පන රික්ටර් මාපාංකයේ ඒකක 2 ට අඩු අගයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම 5.41 ට පමණ තවත් භූ කම්පනයක් සිදු විය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ , එය පල්ලෙකැලේ හා මරදන්කඩවල භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල සටහන් වූ බවයි.
එහි ප්‍රබලත්වය ද රික්ටර් පරිමාණයේ ඒකක දෙදකට අඩු අගයක් ගත් බව ඔහු සඳහන් කළේ ය.