by Staff writer 05-12-2020 | 10:06 PM
COLOMBO ( News 1st ) : අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර අවස්ථා දෙකකදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ සවිස්තරාත්මක ලිපි ගොනු දෙකක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බව අද කොමිසමේදී අනාවරණ විය.
එහිදී අනාවරණ වූයේ, ඊට අදාළව ගත යුතුව තිබූ නෛතික පියවර සම්බන්ධයෙන් උපදෙස් දීමක් සිදුව නොමැති බවයි.
ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අදාළ ලිපි ගොනුව භාරව කටයුතු කළ රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා කියා සිටියේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ සවිස්තරාත්මක ලිපි ගොනු තුළ නෛතික උපදෙස් දීමට තරම් කරුණු අන්තර්ගත නොවූ බවයි.
මේ අතර රජයේ අධිනීතිඥවරයා සාක්ෂි ලබාදුන් අකාරය පිළිබඳ සිය බලවත් අප්‍රසාදය පළ කළ සභාපති විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවවාද කිරීමක් ද සිදු කළේ ය.
කෙසේ වෙතත් වෙනත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මෙහෙයවීම සිදු කරන ජනාධිපති කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායම මෙම සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකළ අතර ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින්ම අද දිනයේ සාක්ෂි මෙහෙයවීම විශේෂත්වයකි.