වයඹ පොල් ඉඩම්වල වැලි කැණීම වහාම නතර කරන්න…- පරිසර ඇමතිගෙන් නියෝග

වයඹ පොල් ඉඩම්වල වැලි කැණීම වහාම නතර කරන්න…- පරිසර ඇමතිගෙන් නියෝග

වයඹ පොල් ඉඩම්වල වැලි කැණීම වහාම නතර කරන්න…- පරිසර ඇමතිගෙන් නියෝග

කර්තෘ Staff writer

05 Dec, 2020 | 7:22 am

COLOMBO (News 1st) – වයඹ පළාතේ පොල් ඉඩම් හාරා වැලි ලබා ගන්නා ජාවාරම වහාම අත්හිටුවන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම ක්‍රියාවලිය සඳහා කාර්යාංශය ලබා දී ඇති බලපත්‍ර වහාම අත්හිටුවන ලෙසයි.

පොල් ඉඩම්වල වැලි කැණීම් හේතුවෙන් පොල් වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මීට අමතරව අම්පාර හැඩ ඔය ආශ්‍රිතව සිදුවන නීති විරෝධි වැලි ගොඩ දැමීම් සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.

මේ අතර ප්‍රාදේශීය වශයෙන් නීති විරෝධි වැලි ගොඩ දැමීම් පාලනය සඳහා වැටලීම් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ ය.

ඒ සඳහා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ලබා ගැනෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]