බිරිඳට වෙඩි තබා ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට

බිරිඳට වෙඩි තබා ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට

බිරිඳට වෙඩි තබා ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

05 Dec, 2020 | 4:03 pm

COLOMBO (News 1st) – මාතලේ, නාවුල , ගොඩඋල්පත ප්‍රදේශයේදී සිය බිරිඳ වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමට යොදා ගත් තුවක්කුව ද සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 57 හැවිරිදි කාන්තාවකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]