මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

සුළං බලයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

by Staff writer 04-12-2020 | 10:26 AM

COLOMBO  (News 1st ) : සුළං බලය මගින් මෙගාවොට් 110 ක් ලබන සතියේ සිට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ , මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය හරහා මෙම විදුලි ධාරීතාව නිපදවන බවයි. කුළුණු 30 කින් සමන්විත එම බලාගාරයේ කුළුණු 10 ක ජනන කටයුතු ලබන අඟහරුවාදා සිට ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති. මෙම බලාගාරය නම් කර ඇත්තේ තම්බපවනී ලෙසයි. සුළං බලාගාරයේ සෙසු කුළුණු 20 සේ ජනන කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.