සත්ත්ව ඝාතනය පාලනයට නීති සංශෝධනයක්..

සත්ත්ව ඝාතනය පාලනයට නීති සංශෝධනයක්.. - ඇමති කියයි

by Staff writer 04-12-2020 | 4:55 PM

COLOMBO (News 1st) - සත්ත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංග්‍රහය කඩිනමින් සංශෝධනය කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විරසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. හීලෑ අලි ඇතුන් නියාමනය සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවාධානයට යොමුව තිබේ. ඒ සඳහා වන අණ පනත් ද සංශෝධනයට නියමිතය.