යතුරු පැදියට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

යතුරු පැදියට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff writer 04-12-2020 | 10:07 AM

COLOMBO ( News 1st )  : පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ , ඔහු මිතුරෙකුගේ නිවසට ගොස් යතුරු පැදියෙන් ආපසු නිවසට එමින් සිටියදී ඊයේ රාත්‍රී මෙම අනතුරට ලක්ව ඇති බවයි. මියගොස් ඇත්තේ , සේවාගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි. මළ සිරුර ඥාතීන්ට භාර දුන් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.