මියගිය සිරකරුවන්ගේ සිරුරු ගැන තීන්දුව කල්යයි

මහර මියගිය සිරකරුවන්ගේ සිරුරු සම්බන්ධ තීන්දුව තවත් කල්යයි

by Staff writer 04-12-2020 | 1:02 PM

COLOMBO  ( News 1st ) : මියගිය මහර බන්ධනාගර සිරකරුවන්ගේ සිරුරු සම්බන්ධයෙන් ගැනෙන තීන්දුව තවදුරටත් කල් ගියේ ය.

ඒ , ඊට අදාළව විභාග වන නඩුව ලබන 11 වැනිදා දක්වා කල් තැබීම හේතුවෙන් ය. වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අදත් නඩුව කැඳවුණි. මියගිය රැඳවියන් 08 දෙනෙකුගේ PCR පරීක්ෂණවලින් ඔවුන්ට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ හේතුවෙන් ඊට අදාළ නීති අනුව දේහයන් පිළිස්සීමෙන් වළකින්නැයි ඉල්ලා සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව අධිකරණය හමුවට ගියේ ය.