මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට

by Staff writer 04-12-2020 | 5:38 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම වැටලීම් කර ඇති බවයි. අයිස් ග්‍රෑම් 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ නවලෝක වටරවුම අසළදී අත්අඩංගුවට ගැනුණි. පෑලියගොඩ ගුවන් පාලම අසළදී තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 240 ක් සමගය. ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.