බුරවි සුළි කුණාටුවෙන් අපේක්ෂිත වැසි ලැබුණේ නෑ

බුරවි සුළි කුණාටුවෙන් අපේක්ෂිත වැසි ලැබුණේ නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 04-12-2020 | 7:16 AM

COLOMBO (News 1st) : බුරවි සුළි කුණාටුවෙන් අපේක්ෂිත වැසි නොලැබුණු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ , ඒ හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශවල ධාරිතාව සැලකිය යුතු අගයකින් ඉහළ නොගිය බවයි. ජලාශවල දැනට පවතින ධාරිතාවයෙන් මහ කන්නය සඳහා ජලය නිකුත් කළ හැක්කේ තවත් මාසයක කාලයකට පමණක් බව ද ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.