'බුරවි': නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි

'බුරවි' නිසා දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි

by Staff writer 04-12-2020 | 7:04 AM

 COLOMBO (News 1st) : 'බුරවි' සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ අතර පූර්ණ නිවාස හානි 50 ක් වන බවයි. මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 289 කට ද හානි සිදුව ඇති බව ඔහු කියා සිටියේ ය. මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ , හානි වූ නිවාස සඳහා වන්දි ලබාදීම කඩිනමින් සිදු කරන බවයි.