ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-12-2020 | 6:12 AM
දේශීය පුවත් 1. තවත් කොරෝනා මරණ 05ක්.. : තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබේ. 2. භාණ්ඩාගාර බැඳුම්කරවලින් 14%ක් අලෙවි වී නැහැ – මහ බැංකුව : වෙන්දේසියට පෙරේදා (01 ) දින ඉදිරිපත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවලින් 14%ක් අලෙවි නොවූ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත මගින් අනාවරණය වේ. 3. නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරුණු ලාංකික සම්භවයක් ඇති වනුෂි වෝල්ටර්ගේ මංගල කතාව – ශ්‍රී ලංකාවේ ඉපිද නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමුවැන්නා වන වනුෂි වෝල්ටර් මහත්මිය පසුගියදා සිය මංගල කතාව පැවැත්වුවා ය. 4. මහර ගැටුමට සම්බන්ධ කරන මානසික රෝග ඖෂධ කතාවට මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් පිළිතුරු .. – මානසික රෝග ප්‍රතිකාර වෙනුවෙන් භාවිත කරන ඖෂධවලින් කිසිදු කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 5 . බුරවි නිසා පීඩාවට පත් පිරිස 12,000 ඉක්මවා යයි – බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6 පුද්ගලයින් 12,250 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. විදෙස් පුවත් 1. පුටින්ගේ හමුදා බලයට අභියෝග කළ මායා සැන්ඩූ : මෝල්ඩෝවේ ජනාධිපතිනිය ලෙස තේරී පත්ව සිටින මායා සැන්ඩු යුක්රේනය සහ මොල්ඩෝව අතර කැඩී ගිය දේශසීමා (Trans-Dniester) කොටසින් රුසියානු හමුදාව ඉවත් කර ගන්නා ලෙස රුසියාවට දැනුම් දී තිබේ.