කොරෝනා ආසාදිතයින් 628 වාර්තා වූ ප්‍රදේශ මෙන්න

කොරෝනා ආසාදිතයින් 628 වාර්තා වූ ප්‍රදේශ මෙන්න.. රත්නපුරෙනුත් ආසාදිතයින් 35ක්

by Sagarika Chathumali 04-12-2020 | 10:06 AM
COLOMBO (News1st) : ඊයේ (03) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 628 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 402 දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර රත්නපුර දිස්‍ත්‍රික්කයෙන් ද ආසාදියින් 35 දෙනෙකු වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 66කි.