පුනානි ගිය බස් රථයක් අසේලපුරදී අනතුරක

අසේලපුර බස් අනතුරින් කොරෝනා ආසාදිතයින් දෙදෙනකුටත් තුවාල

by Staff writer 04-12-2020 | 10:35 AM
COLOMBO (News1st): නිරෝධායනය සඳහා පිරිසක් රැගෙන යන බස් රථයක් පොළෙන්නරුව අසේලපුර ප්‍රදේශයේදී තවත් බස් රථයක ගැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, තුවාල ලබූවන් අතර අදාළ බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ද වන බවයි මෙම බස් රථයෙන් පුනානි නිරෝධායන මධ්‍යස්ථාය දක්වා කොළඹ සිටි කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිට තිබේ. තුවාල ලැබූවන් අතර කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ද වන බව පොලීසිය පැවසී ය. ඔවුන් පොළොන්නරුව රෝහළට ඇතුළත් කර තිබේ.