අදත් උතුරු, උතුරු මැද සහ වයඹට තද වැසි..

අදත් උතුරු, උතුරු මැද සහ වයඹට තද වැසි..

by Staff writer 04-12-2020 | 8:00 AM

COLOMBO  (News 1st ) : උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට 'බුරවි' සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.