රැඳවියන්ගේ ඥාතීන් අදත් මහර බන්ධනාගාරය ඉදිරිපිටට..
රැඳවියන්ගේ ඥාතීන් අදත් මහර බන්ධනාගාරය ඉදිරිපිටට..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – අද දිනයේත් මහර බන්ධනාගාරය ඉදිරිපිට රැඳවියන්ගේ පවුල්වල සමාජිකයින් රැස්ව සිටියහ.
ඔවුන් වරින්වර බන්ධනාගාරයට රැගෙන ගියේ මියගිය පුද්ලයින් ඡයාරූප මගින් හඳුනා ගැනීමටයි.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරී සිදුවීමෙන් පසු එහි සිටි තම ස්වාමිපුරුෂයා සොයාගත නොහැකි බවට බිරිඳ විසින් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා ය.
තව ද මහර බන්ධනාගාරයේ ගබඩා කර තිබූ පෙති වර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
ඒ අදාළ පෙති පානය කිරීමෙන් බන්ධනාගාර රැඳවියන් ආවේගශීලි ලෙස හැසිරුණු බවට පළවන මත සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීම සඳහායි.
කෙසේවෙතත් මානසික රෝග ප්‍රතිකාර වෙනුවෙන් භාවිත කරන ඖෂධවලින් කිසිදු කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනු ඇත.
පසුගිය දා සිදු වූ මහර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර තවත් 108 දෙනෙකු තුවාල ලබා ඇත.
ඒ අතර තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල්ගත ව ප්‍රතිකාර ලබනු ඇත.
- සැකකරුවෙකුට ගිනි අවියක් දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්
- බුලත්කොහුපිටියේ ගැටුමක් ඝාතනයකින් කෙළවර වෙයි..
- වරාය වෘත්තිය සමිති දුන් යෝජනා ගැන අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වෙයි
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
- මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි
- හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
- බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..