මහර රැඳවියන්ට කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ..

මහර සියලු රැඳවියන්ට කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ..

by Staff writer 04-12-2020 | 7:09 AM

COLOMBO  (News 1st ) : මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.

බන්ධනගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ, එළඹෙන සති අන්තයේ මෙම පරීක්ෂණ සිදුකරන බවයි. මහර බන්ධනාගාරයේ රඳවා සිටින පිරිස 2800 කට අධික බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිත වූ බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 1382 කි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ සෙසු බන්ධනාගාරවල රැඳවියන්ද කොරෝනා ආසාදිත දැයි තහවුරු කිරීම සඳහා පරීක්ෂණවලට ලක් කරන බවයි.