
ඉතාලි වැසියන්ට නත්තල් සමයේ ගමන් තහනමක්
ඉතාලි වැසියන්ට නත්තල් සමයේ ගමන් තහනමක්
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : ඉතාලිය දෙසැම්බර් 21 සිට ලබන ජනවාරි 6 දක්වා කාලය තුළ එරට කලාප අතර ගමනාගමනය තහනම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නත්තල් නිවාඩු සමයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති බවයි.
අදාළ කාලය තුළ රාත්‍රී 10 සිට උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව අදාළ කාලය තුළදී කලාපීය සංචාරක තහනම යටතේ ජනතාවට ඔවුන්ගේ නගර සීමාවලින් පිටතට යාමට අවසර හිමි නොවනු ඇති.
කෙසේ වෙතත් රැකියා, වෛද්‍ය හේතු හෝ හදිසි අවස්ථා සඳහා මෙම සංචාරක සීමා අදාළ නොවෙන බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම තහංචි පැනවීම ක්‍රියාත්මක කිරීමට ඉතාලි බලධාරීන් තීරණය කර ඇත්තේ, කොරෝනා වංසගත ව්‍යාප්තියත් සමග 993ක් වූ දිනක වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවීමත් සමගයි.
මීට පෙර වාර්තා වූ වැඩිම දිනක මරණ සංඛ්‍යාව 969 ක් වූ අතර එම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ , පසුගිය මාර්තු 27 වැනිදායි.
ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ පවසා ඇත්තේ, නත්තල සහ අලුත් අවුරුදු උදාව සැමරිය යුතු වුව ද ආරක්ෂාව අතහැර දැමිය නොහැකි බවයි.
තව ද ජනවාරි මාසයේ පැමිණිය හැකි තුන්වන රැල්ලක අවදානම තුරන් කළ යුතුව ඇති බව ද ඔහු පවසා ඇත.
ඉතාලියෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 1,664,829 දෙනෙකු වාර්තා වී ඇති අතර අහිමිවී ඇති ජීවිත සංඛ්‍යාව 58,038කි.
- මැතිව්ස් – චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි..
- කොවිඩ් එන්නත ලබා දීම ගැන හෙට පෙරහුරුවක්
- මානව හිමිකම් කඩවීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක්
- ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක්
- ඔලිම්පික් ක්‍රීඩා උළෙල යළි කල් යයි ද?
- කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි
- නිල ඇඳුම් තිළිණපතේ වලංගු කාලය දිගුවෙයි
- නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට යෝජනාවලියක්
- මරාන්තික උපවාසයේ ගොවීන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ
- COVID 19 – Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය ලැබෙයි