English
தமிழ்
කර්තෘ Staff writer
04 Dec, 2020 | 8:50 pm
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 402 කි.
කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදිතව ඇතැයි අද තහවුරු විය.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
විෂබීජහරණ ක්‍රියාවලියෙන් අනතුරුව මුළුතැන්ගෙයි කටයුතු යළි ආරම්භ කර තිබේ.
මරදාන දුම්රිය ස්ථානයේ සේවය කළ දුම්රිය කාර්ය සහයකවරයෙකුට සහ කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාටද කොරෝනා ආසාදිතව ඇත.
දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඔවුන්ගෙන් අයෙකු පසුගිය දා පැවැති දුම්රිය සේවක සාදයකට ද සහභාගී වී ඇති බවයි.
කොරෝනා ආසාදිත මරදාන දුම්රිය සහයකවරයා සමග සමීප සබඳතා පැවැත්වු බවට සැලකෙන 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණු අතර හුදෙකලා ප්‍රදේශයක පිහිටි එම දුම්රිය ස්ථානය පසුගිය දිනවලදී මගීන්ට විවෘත වුයේ නැත.
මේ අතර මහනුවර ජාතික රෝහලේ අක්ෂි ප්‍රතිකාර ඒකකයට රෝගීන් ඇතුළත් කර ගැනීම නවතා දමා තිබේ.
ඒ, එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමගයි.
මහනුවර බෝගම්බර ප්‍රදේශයට අද දහල් සිට සංචරණ සීමා පැන විය.
ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
බෝගම්බරින් මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25 කි.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 402 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
වැලිකඩින් ආසාදිතයින් 104 දෙනෙකු, දෙමටගොඩින් ආසාදිතයින් 52 දෙදෙනෙකු සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 35 දෙනෙකු ඊට ඇතුළත් ය.
මීට අමතරව කොම්පඤ්ඤ වීදිය, සිනමන් ගාඩ්න්ස්, මරදාන ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ද ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.
ඊයේ දිනයේ තව ත් කොරෝනා මරණ 5 ක් වාර්තා වූ අතර ඔවුන් කොලොන්නාව, කොළඹ 10, කොළඹ 12 සහ කොළඹ 02 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50 ඉක්මවුවන් ය.
අද දක්වා වාර්තා වූ මරණ අතරින් වැඩිම පිරිස වයස අවුරුදු 71 ඉක්මවුවන් වේ.
එම අගය 55 කි.
12 Jan, 2021 | 04:53 PM
10 Oct, 2020 | 07:33 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS