PCR ප්‍රතිඵලයට කලින් මහර රැඳවියෙක් රාගම රෝහලෙන් පැන ගිහින්

PCR ප්‍රතිඵලයට කලින් මහර රැඳවියෙක් රාගම රෝහලෙන් පැන ගිහින්

PCR ප්‍රතිඵලයට කලින් මහර රැඳවියෙක් රාගම රෝහලෙන් පැන ගිහින්

කර්තෘ Staff writer

03 Dec, 2020 | 8:43 am

COLOMBO (News 1st) : මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පලා ගොස් තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි ඔහු පලා ගොස් ඇති බවයි.

අදාළ රැඳවියාට කොරෝනා ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද අධ්‍යක්ෂවරයා පැවසී ය.

ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට මහර බන්ධනාගාර රැඳවියන් 14 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]