O/L විභාගය ලබන මාර්තු පැවැත්වීමට අවධානය..

O/L විභාගය ලබන මාර්තු පැවැත්වීමට අවධානය..

by Staff writer 03-12-2020 | 11:48 AM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ලබන මාර්තු මාසයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ජී.එල්.පිරිස් මහතා පැවසීය.