මානසික රෝග ඖෂධවලින් කලහකාරී හැසිරීම් ඇති වෙන්නේ නෑ

මහර ගැටුමට සම්බන්ධ කරන මානසික රෝග ඖෂධ කතාවට මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් පිළිතුරු ..

by Staff writer 03-12-2020 | 6:50 PM

COLOMBO (News 1st) – මානසික රෝග ප්‍රතිකාර වෙනුවෙන් භාවිත කරන ඖෂධවලින් කිසිදු කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරී හැසිරීමට හේතුව මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට ප්‍රකාශ කිරීම වැරදි ආකල්පයක් ඇති කිරීමක් බවයි. අදාළ ප්‍රකාශය ජනතාව තුළ මානසික රෝග හා ඒ සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව වැරදි මතයක් ඇති කරන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.