'බුරවි':දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 1,904කට පීඩා..

'බුරවි' සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 1,904කට පීඩා..

by Staff writer 03-12-2020 | 11:12 AM

COLOMBO (News 1st) - 'බුරවි' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 551 කට අයත් පුද්ගලයින් 1,904 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 15කි. තවත් නිවාස 170 කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එලෙස ආපදාවන් වාර්තා වේ. එම ප්‍රදේශවල සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. කුණාටුවේ අවදානමත් සමග යාපනය, ත්‍රීකුණාමලය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 1,029 කට අයත් පුද්ගලයින් 4,007 ක් සුරක්ෂිත මධ්‍යස්ථානවලට යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.