'බුරවි' නිසා ප්‍රදේශ කිහිපයක පාසල් තාවකාලිකව වැසේ

'බුරවි' නිසා ප්‍රදේශ කිහිපයක පාසල් තාවකාලිකව වැසේ

by Staff writer 03-12-2020 | 7:07 AM

COLOMBO (News 1st) - 'බුරවි' සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.

උතුරු පළාතේ සියලු පාසල් අද(03) හා හෙට(04) වසා දැමීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. නැගෙනහිර පළාතේ පාසල් ඊයේ(02) සිට සිකුරාදා දක්වා වසා දැමුණි. පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.බී.එස්.කේ විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.