බුරවි දිවයිනෙන් බැහැරව යයි 

by Sagarika Chathumali 03-12-2020 | 11:47 AM

COLOMBO (News 1st) : බුරවි සුළි කුණාටුව දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසයි.

ඊයේ දිවයිනට ඇතුළු වූ බුරවි සුළිකුණාටුව දිවයින හරහා ගමන් ගනිමින් අද උදෑසන වනවිට මන්නාරම් බොක්කට ආසන්නයේ ස්ථානගතව පැවතිණ. ‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක පවුල් 551 කට අයත් පුද්ගලයින් 1,904 ක් පමණ පීඩාවට පත්වූහ. නිවාස 15ක් පූර්ණ ලෙස හානියට පත්ව ඇති අතර තවත් නිවාස 170 කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.