'බුරවි' තවත් දිවයිනෙන් ඉවතට....

'බුරවි' තවත් දිවයිනෙන් ඉවතට....

by Staff writer 03-12-2020 | 4:44 PM

COLOMBO (News 1st) – බුරවි සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

සුළි කුණාටුවේ බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙයි. කොළඹ සිට කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට දින උදෑසන කාලය වනතුරු තවදුරටත් ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තු සඳහන් කළේ, සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි.