තවත් ආසාදිතයින් 728 ක් සුවය ලබති

තවත් ආසාදිතයින් 728 ක් සුවය ලබති

by Staff writer 03-12-2020 | 4:30 PM

COLOMBO (News 1st) – අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 728 දෙනෙකු අද සුවය ලැබීමත් සමග කොරෝනා ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19032 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25,410 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6254 කි. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 124 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.