ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියට..

ජැෆ්නා ස්ටැලියන්ස් අඛණ්ඩ 4වෙනි ජයත් ලබයි..

by Staff writer 03-12-2020 | 9:37 PM

COLOMBO (News 1st) – ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළේ ය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් ක් අවසානයේදී කඩුලු 5ක් දැවී තරගය ජය ගත්තේ ය. ගෝල් ග්ලැඩියේටර්ස් නායක ශහීඩ් අෆ්‍රිඩි පකිස්ථානය බලා පිටත්ව යෑම හේතුවෙන් භානුක රාජපක්ෂ මෙම තරගයේදී එම කණ්ඩායම මෙහෙයවනු ලැබිණි. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට ධනුෂ්ක ගුණතිලක සහ අ(හ්)සන් අලී ලකුණු 67ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවේ ය. අලී ලකුණු 29ක් ලබා ගත්තේය. අසාම් ඛාන් පන්දු 14කින් ලකුණු 25ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 44කින් ලකුණු 56යි. 4 පහර 7ක් එම ඉනිමට ඇතුළත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ චැඩ්වික් වෝල්ටන් පන්දු 14කින් ලකුණු 31ක් රැස් කළේ 6 පහර 3ක් සහ 4 පහරක්ද සමගින් ය. වනිදු හසරංග කඩුලු 2යි. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 170ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 26කදී බිඳ වැටුණි. ආරම්භක පිතිකරු ටොම් මුවර්ස් ලකුණු 11යි. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හිමි කරගත් අඛණ්ඩ සිව්වන ජය මෙය වීමද විශේෂත්වයකි.