
ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් අතුරින් 98ක් අටලුගමින්: 402ක් කොළඹින්..
ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් අතුරින් 98ක් අටලුගමින්: 402ක් කොළඹින්..
කර්තෘ Nadeeshan Meedin
COLOMBO (News 1st) -ඊයේ (2) දිනය තුළ මෙරටින් කොවිඩ්- 19 ආසාදිතයින් 878 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව පැවසුවේ, ඉන් වැඩිම අසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 402 දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති බවයි.
තවත් ආසාදිතයින් 188 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 106 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද හඳුනා ගෙන තිබේ.
කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් අතරින් 98 දෙනෙකු ම හඳුනා ගෙන ඇත්තේ, අටළුගම ප්‍රදේශයෙනි.
ඊයේ දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,409ක් වන අතර ඉන් පුද්ගලයින් 18,303 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඊයේ දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 487කි.
ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 2ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ යනු ඇති.
66 හැවිරිදි හලාවත පදිංචි කාන්තාවක හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයකි.
කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පුසගිය 30 වනදා නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වෙන්නේ, කොවිඩ් 19 නිව්මෝනියාව සමග ආඝාතයයි.
අද දිනයේ විදෙස් රටවල සිට ලාංකිකයින් 389 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මාධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත ය.
දැනට නිරෝධායන මධ්‍යස්ථාන 59ක පුද්ගලයින් 6,400 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති.
ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,423කි.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි