
ආපදාව අවමයි, බුරවි දැන් මන්නාරම් බොක්ක ආසන්නයට – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ආපදාව අවමයි, බුරවි දැන් මන්නාරම් බොක්ක ආසන්නයට – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
කර්තෘ Chathura Sooriyabandara
COLOMBO (News 1st) – දිවයිනට ඇතුළු වූ බුරවි සුළිකුණාටුව තවදුරටත් දිවයින හරහා ගමන් ගනිමින් මන්නාරම් බොක්කට ආසන්න වී තිබේ.
කාලගුණ බලධාරීන් පවසන්නේ අද පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවයි.
බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැළෙමින් තිබේ.
සුළි කුණාටුව ඊයේ රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ කුච්චවේලි හා තිරියාය ප්‍රදේශ අතරින් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අද අලුයම 2.30 පමණවන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ, මුලතිව් අලම්පිල් ප්‍රදේශයෙනි.
එම අගය මිලිමීටර 222 කි.
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් මිලිමීටර 200.5 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අද අලුයම 2.30 පමණ වන විට යාපනය ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලීමීටර 194.3 කි.
මීට අමතරව පදවිය ශ්‍රීපුර ප්‍රදේශයෙන් මිලීමීටර් 195. 5 ක්, උඩයාර්කට්ටු ප්‍රදේශයෙන් මිලීමීටර් 189ක්, හා වැලිඔය ප්‍රදේශයෙන් මිලීමීටර් 180ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මන්නාරම මිලිමීටර් 128 ක වර්ෂාපතනයක් හා ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
බුරවි සුළි කුණාටුවෙන් තද වැසි සමග තද සුළං සහිත තත්ත්වයක් වාර්තා වුව ද බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි