අවදානමට මුහණ දීමට සූදානම්-මඩකලපු දිස්ත්‍රික් ලේකම්

''සුළි කුණාටු අවදානමට මුහණ දීමට සූදානම්..'' මඩකලපුව දිස්ත්‍රික් ලේකම්

by Staff writer 02-12-2020 | 2:06 PM
COLOMBO (News 1st) : සුළි කුණාටු අවදානමට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කනපති පිල්ලේ කරුණාහරන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ සියලු ජනතාවට මේ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබා දී ඇති බවයි. මඩකලපුවේ ධීවරයින් අද මුහුදු නොගිය අතර ධීවර යාත්‍රා නැංගුරම් ලා ඇති ප්‍රදේශවලින් අඩි 50ක පමණ දුරක් ගොඩබිමට දෙසට රැගෙන ඒමට කටයුතු කර තිබේ. දිස්ත්‍රික් ලේකම් කනපති පිල්ලේ කරුණාහරන් මහතා පැවසුවේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් කිරීම සඳහා මේ වන විට ප්‍රාදේශිය ලේකම්වරුන් සමග සාකච්ජා පැවැත්වෙන බවයි. මේ අතර සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අද පස්වරුවේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයි දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා සඳහන් කළේ ය.