'බුරවි' දිවයිනට ඇතුළු වෙයි

'බුරවි' දිවයිනට ඇතුළු වෙයි

by Hashini De Mel 02-12-2020 | 8:55 PM

COLOMBO (News 1st) - 'බුරවි' සුළි කුණාටුව දිවයිනට ඇතුළු වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, මෙය දිවයිනෙන් බැහැරට ගමන් කරන විටත් සුළි කුණාටුවක මට්ටමේ පවතිනු ඇති බවයි. මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල් ප්‍රදේශයටයි. එය මිලිමීටර් 203. 5 කි. උඩයාර් කට්ටු ප්‍රදේශයට මිලිමීටර් 158 ක වර්ෂාපතනයක් ලැබී ඇත. වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 112 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.