තිස්ස අත්තනායකගේ 'නොකියූ කතා' අගමැතිට

තිස්ස අත්තනායකගේ 'නොකියූ කතා' අගමැතිට

by Sagarika Chathumali 02-12-2020 | 5:13 PM
COLOMBO (News 1st) : සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් රචිත නොකියූ කතා (UNTOLD STORY) අද අග්‍රාමාත්‍ය මහින්තද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්ලයාලයේදී මන්ත්‍රීවරයා මෙම ග්‍රන්ථය පිළිගැන්වූ බවයි. තිස්ස අත්තනායක මහතා  මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ සිරගතව සිටි දින 55 ක කාලය තුළදී ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා තිස්ස ආත්තනායක මහතා සිරගතව සිටියදී ඔහුගේ සුවදුක් විමසීමට සිරගෙදරට ගිය අතීතය ද සිහිපත් කළ බව අදාළ නිවේදයේ වැඩිදුරටත් සඳහන් ය.