උතුරු පළාතේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

උතුරු පළාතේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

by Sagarika Chathumali 02-12-2020 | 11:42 AM
COLOMBO (News 1st) : බුරෙවි සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කර තිබේ. නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට ඊයේ තීරණය කෙරිණ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ සඳහන් කළේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට රතු නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.