අල්ලස් ගනිද්දී ම විදුහල්පතිනිය අත්අඩංගුවට

ඇඹිලිපිටියේ විදුහල්පතිනියක් පාසල් ක්‍රීඩා පිටියේදී අල්ලස් දැලේ

by Staff writer 02-12-2020 | 4:38 PM

COLOMBO (News 1st) - රුපියල් එක් ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව සඳහන් කළේ, පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි. පාසල් ක්‍රීඩා පිටියේදී අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.