English
தமிழ்
කර්තෘ Staff writer
02 Dec, 2020 | 7:47 am
ඒ තවත් කොරෝනා මරණ 4 ක් ඊයේ දිනයේදී වාර්තාවීමත් සමගයි.
ඊයේ කොරෝනා මරණ වාර්තා වූයේ කොළඹ 12, කොළොන්නාව , රාජගිරිය සහ කොළඹ 10 ප්‍රදේශවලිනි.
කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයකු පසුගිය 29 වැනිදා සිය නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව කොරෝනා ආසාදිතව සිටියදී හටගත් විෂබීජ ආසාදනයක් බව හෙළිව තිබේ.
කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාව ද මියගොස් ඇත්තේ සිය නිවසේ සිටියදීයි.
ඇයගේ මරණයට හේතුව දැක්වෙන්නේ මොළය අභයන්තරයේ ලේ ගැලීමක් සමග කොරෝනා ආසාදනයයි.
රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක් ද පසුගිය 28 වැනිදා නිවසේදී මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුව ද කොරෝනා ආසාදනය සමග ඇති වූ ලේ විෂවීමක් සමග සමේ ආසාදනයකි.
කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනා ගැනීමෙන් පෞද්ගලික රෝහලක සිට මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇති අතර පසුගිය 30 වැනිදා ඔහු මියගොස් තිබේ.
ඔහුගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය හා නිධන්ගත පෙනහලු රෝගයකි.
ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,532 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 541 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6593 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.
ආසාදිතයින් 268 දෙනෙකු ඊයේ සුවය ලැබීමත් සමග මෙරට කොරොනා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 17817 කි.
27 Apr, 2022 | 11:02 AM
09 May, 2021 | 06:51 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS