ඇඹිලිපිටියේ විදුහල්පතිනියක් පාසල් ක්‍රීඩා පිටියේදී අල්ලස් දැලේ

ඇඹිලිපිටියේ විදුහල්පතිනියක් පාසල් ක්‍රීඩා පිටියේදී අල්ලස් දැලේ

ඇඹිලිපිටියේ විදුහල්පතිනියක් පාසල් ක්‍රීඩා පිටියේදී අල්ලස් දැලේ

කර්තෘ Staff writer

02 Dec, 2020 | 4:38 pm

COLOMBO (News 1st) – රුපියල් එක් ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව සඳහන් කළේ, පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි.

පාසල් ක්‍රීඩා පිටියේදී අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]