සාමාන්‍ය පෙළ විභාගය (O/L) කල්යයි

සාමාන්‍ය පෙළ විභාගය (O/L) කල්යයි

by Staff writer 01-12-2020 | 12:01 PM
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (GCE O/L) විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසූවේ, විභාගය පවත්වන නව දිනය සති 06කට පෙර දැනුම් දෙන බවයි. මීට පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි. ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ සියලු ක්ෂේත්‍රවල ප්‍රධානීන් සමග සාකච්ඡා අද හෝ හෙට අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා ඊයේ (30) පැවසී ය. ඒ අනුව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණය කළ බවයි.

පෙර පුවතට පහතින් පිවිසෙන්න....