ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවන් 6ක් ජනපති පත් කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවන් 6ක් ජනපති පත් කෙරේ..

by Staff writer 01-12-2020 | 6:50 PM

COLOMBO (News 1st) - නව අධිකරණ විනිසුරුවරුන් 21 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 6 දෙනෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරුන් 14 දෙනෙකු සහ අභියාචනාධිකරණ නව සභාපති විනිසුරුවරයා එලෙස අද පස්වරුවේ දිවුරුම් දුන් බවයි. නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන්නේ ඒ.එච්.එම්.නවාස්, කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, ජනක්ද සිල්වා, අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස අර්ජුන ඔබේසේකර මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. දිවුරුම් දුන් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ, මේනකා විජේසුන්දර, ඩී.එන්.සමරකෝන්, එම්.ප්‍රසන්ත ද සිල්වා, එම්.ටී.එම්. ලෆාර්, ප්‍රදීප් කීර්තිසිංහ, සම්පත්. බී. අභයකෝන්, එම්.එස්.කේ.බී.විජේරත්න හා එස්.යු.බී.කරලියද්ද යන මහත්ම මහත්මීන් ය. මීට අමතරව ආර් ගුරුසිංහ, ජී.ඒ.ඩී.ගනේපොල, කේ.කේ.ඒ.වී ස්වර්ණාධිපති, මයාදුන්න කොරයා, ප්‍රභාහරන් කුමාරරත්නම් හා නීල් ඉද්දවල යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් සෙසු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වේ.