ලෝක පූජිත ෆෝමියුලා වන් ශූර හැමිල්ටන්ටත් කොරෝනා

ලෝක පූජිත ෆෝමියුලා වන් ශූර හැමිල්ටන්ටත් කොරෝනා ආසාදනය වෙයි.

by Staff writer 01-12-2020 | 8:15 PM
ලෝක පූජිත ෆෝමියුලා වන් මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්ට කොරෝනා ⁣වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ බහරේනයේදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වේ. 35 හැවිරිදි හැමිල්ටන්ට පසුගිය සදුදා සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව සිදු කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් හැමිල්ටන් පවසා ඇත්තේ තරගාවලිය අහිමි වීම පිළිබද කනගාටුවට පත්වන නමුත්, සෙසු පිරිසගේ ආරක්ෂාව පිළිබද සලකා සෞඛ්‍ය රීතීන් උපරිමයෙන් අනුගමනය කරමින් හුදකලාව සිටීමට වග බලා ගන්නා බවයි. https://youtu.be/ctTazsDLGao