LPL: විජයරාජ් සිය උපන් දිනය සැමරූ අයුරු...

ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ විජයරාජ් සිය උපන් දිනය සැමරූ අයුරු...

by Staff writer 01-12-2020 | 9:32 PM

News 1st - LPL තරගාවලි⁣යේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සෙබස්තියන් පිල්ලේ විජයරාජ් අද සිය 27වන උපන් දිනය සමරනු ලැබිණි.

ඒ, කණ්ඩායමේ සිය සගයින් සමගිනි. ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වන සහ එම ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කරන ඔහු, කිලිනොච්චියේදී අප සොයා ගත්තේ 2017 වසරේ පැවති ගම්මැද්ද වැඩසටහනෙනි. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සාමාජිකයින් මේ වනවි⁣ට පැවැත්වෙන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග තරගය ආරම්භයට පෙර විජයරාජ්ගේ උපන් දිනය සැමරුවේය.