කලම්බු කිංග්ස් LPL පළමු පරාජය ලබයි..

අපරාජිත කලම්බු කිංග්ස් LPL පළමු පරාජය ලබයි..

by Staff writer 01-12-2020 | 9:14 PM

News 1st - "ලංකා ප්‍රිමියර් ලීග්" පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ කලම්බො කිංග්ස් කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් දඹුල්ල වයිකිංග් කණ්ඩායම ලකුණු 28ක ජයක් වාර්තා කර තිබේ.

තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 3කදී බිඳ වැටුණි. අනතුරුව පිටියේ ස්ථාවර වූ උපුල් තරංග සහ සමිත් පටේල් අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 71කි. තරංග පන්දු 24 කින් ලකුණු 25ක් රැස් කළ අතර පටේල් පන්දු 27 කින් ලකුණු 30ක් රැස් කළේ ය. ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 21යි. දසුන් ශානක පන්දු 34කින් 6 පහර 4ක් සහ හතරේ පහර 3ක් ද සමගින් වේගවත් ලකුණු 56ක් රැස් කළේ ය. ඉසුරු උදාන සහ ඔන්ද්‍රේ රසල් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කලම්බො කිංග්ස් කණ්ඩායමේ ලෝරි එවන්ස් ලකුණු 59ක් රැස් කළේ ය. පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දැවී ගිය අතර ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 147 ක් පමණි. ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායම ⁣මෙම තරගාවලියයේ පරාජයට පත් පළමු තරය මෙයයි. ඔවුන් මීට පෙර ක්‍රීඩා කළ තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් විය.