ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය: සැකකරු ඉන්ටර්පෝල් අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය: සැකකරු ඉන්ටර්පෝල් අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය: සැකකරු ඉන්ටර්පෝල් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

01 Dec, 2020 | 8:30 am

COLOMBO (News 1st) :  ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වාගේ ඝාතනය මෙහෙය වූ බව කියන ධර්මසිරි පෙරේරා නමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඉන්ටර්පොල් රතු නිවේදනයකට අනුව අබුඩාබි පොලීසිය විසින් අදාළ සැකකරු පෙරේදා දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හිටපු නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනයත්  සමග සැකකරු මෙරටින් පලා ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන බවට ලද තොරතුරු මත සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ඔහු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවටයි.

ඒ අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මීට මාස කිහිපයකට පෙර ධර්මසිරි පෙරේරා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තුවක් ගෙන එය ඉන්ටර්පෝල් වෙත ඉදිරිපත් කර තිබිණ.

ඉන්ටර්පෝල් ආයතනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය‌යේ ඉන්ටර්පෝල් ආයතනය වෙත දැනුම්දීමෙන් පසු පෙරේදා අබුඩාබි පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

2018 වසරේ මැයි මස 24 වනදා රත්මලාන ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී හිටපු නාගරික මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කෙරිණ.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද තුවාල සිදු විය.

ඝාතන සිද්ධියට අදාළව 2018 වසරේදී පළ වූ දර්ශන… 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]