O / L විභාගය යළි කල් යයි ද?

O / L විභාගය යළි කල් යයි ද?

by Sagarika Chathumali 30-11-2020 | 1:41 PM
COLOMBO (News 1st) : නියම කර තිබූ දිනට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ නිශ්චිත තීරණය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. මීට පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි. අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ, පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. ඒ අනුව සියලු ක්ෂේත්‍ර සමග සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, යම් හෙයකින් නියමිත දිනට විභාගය පැවැත්වීමට නොහැකි වුවහොත් යළි විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව අවම වශයෙන් සති 6කට පෙර සිසුන් දැනුම්වත් කරන බවයි.