සුදර්ශනීට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්..

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය..

by Staff writer 30-11-2020 | 9:06 PM

COLOMBO (News 1st) : 

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අද පස්වරුවේ ඇය ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන් බවයි.